සියලු විපක්ෂ ඒකරාශී වී නව බලවේගයක් ලෙස රජයට මුහුණදිය යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.
ඒ සඳහා අවශ්‍ය බලවේගය මේ වනවිට ගොඩනැඟෙමින් පවතින බවද ඊයේ (20 දා) කොළඹ අභයාරාම විහාරස්ථානයේ පැවති උත්සවයකින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය. 76 වසරක සාපය ගැන පවසන අය, 77 වසර ගැන වගකීම භාරගත යුතුව තිබෙනවා. ජනතාව ගැන සිතා ජනතාව සමග අපි ඉදිරියට යා යුතුයි.