වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ දේශපාලන ගමන තුළ තමන් ඉගෙනගත් දෙයක් වන්නේ ඔහු දැඩි විශ්වාසයකින් වැඩ කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු පවසනවා.
ඒ අනුව ඔහු වටා අද විශාල පිරිසක් සිටියද, ජනාධිපතිවරයාට ඔහු පැමිණි ගමන් මග සම්බන්ධයෙන් හොඳ මතකයක් ඇති බවත්, ඔහුගේ සාර්ථකත්වයද එය බවයි සියත රූපවාහිනී නාලිකාවේ පැවති වැඩසටහන කට එක්වෙමින් හිටපු මන්ත්රීවරයා ප්රකාශ කළේ.
ඔහු හදවතින් කතා කිරීම හේතුවෙන් මිනිසුන් ඔහුගේ කතාව බලාපොරොත්තු වන බවත්, මන්ත්රීවරුන් 159 ක් අසමත් වුවද ජනාධිපති අනුර කුමාර දිසානායක සමත් බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්රී හරීන් ප්රනාන්දු වැඩිදුරටත් ප්රකාශ කළේ.