දූෂිත නිළධාරීන් 400ක් වහාම පොලිස් සේවයෙන් ඉවත් කරයි

පොලිස් සේවයේ නියුතුව සිටි දූෂිත නිලධාරීන් හාරසියයක් පමණ මේ වනවිට පොලිස් සේවයෙන් ඉවත්කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එල්.යූ. වුට්ලර් පැවසීය.

විෂ මත්ද්‍රව්‍ය හා ඒ හා බැඳුණු කළු ආර්ථිකය මැයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති සාකච්ඡාවට එක්වෙමින් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව සඳහන් කළේය.  

සමස්ත පොලිස් සේවය තුළ නිලධාරීන් අසූදහසක් පමණ සිටින බවත් ඒ අතරින් දූෂිත නිලධාරීන් හඳුනාගනිමින් ඔවුන්ට එරෙහිව පියවර ගැනීම පොලිස්පතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ සිදුකරන බවත් හෙතෙම පැවසීය. 

එමෙන්ම වැඩිදුරටත් අදහස් දක්වමින් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේ පොලිස් සේවයේ සිටින සෑම නිලධාරියකුගේම ක්‍රියා කලාපය පිළිබඳ දැඩි අවධානයෙන් පසුවන බවයි.එබැවින් දූෂිත ඕනෑම නිලධාරියකු හට තරාතිරම නොබලා විනය පියවර ගන්නා බව හෙතෙම පෙන්වා දුන්නේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *