මත්කුඩු ප්‍රවාහනය නිසා රට පුරා ධීවරයින් දෙසට බුද්ධි අංශ අවධානය යොමු වෙයි

උතුරු නැඟෙනහිර ඇතුළු සියලුම මුහුදුබඩ පළාත්වල සේවයේ සිටින රාජ්‍ය බුද්ධි අංශ නිලධාරීන් හමුදා බුද්ධි අංශ මෙන්ම ඒ ඒ පළාත්වල පොලිස් ස්ථාන ද අදාළ ප්‍රදේශවල වෙසෙන ධීවරයන් පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇත.

ශ්‍රී ලංකා මුහුදු තීරයට පැමිණෙන නැව් මගින් ගොඩබිමට මත්කුඩු ප්‍රවාහනය කරන ධීවරයන් පිළිබඳව දිගින් දිගට ම වාර්තා වීම් නිසා මහජන ආරක්‍ෂණ අමාත්‍යාංශය මෙම පුළුල් ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබේ.

මේ අතර මෙම දැවැන්ත ආරක්‍ෂණ වැඩපිළිවෙළ යටතේ ඒ ඒ පළාත්වල පුරවැසි කමිටුවලින් පොලිසිය සහාය ලබාගෙන තිබේ.

ධීවර බෝට්ටු අයිතිකරුවන් කීපදෙනකුද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *