ජීවන් තොණ්ඩමන්ගේ විවාහය ඉන්දියාවේදී, ඉන්දීය දේශපාලන පවුලක වෛද්‍යවරියක් සමග විවාහ වෙයි

දිවංගත හිටපු අමාත්‍ය සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නායක ආරුමුගම් තොන්ඩමන් මහතාගේ එකම පුත්‍රයා වන එම පක්ෂයේ වත්මන් මහ ලේකම් නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. ජීවන් තොන්ඩමන් මහතාගේ විවාහ මංගල උත්සවය ඉන්දියාවේ චෙන්නායි නුවර පෞද්ගිලක උත්සව ශාලාවක (23) දින පැවැත්විණ.

ජීවන් තොන්ඩමන් මහතාගේ මනාලිය වනුයේ ඉන්දියාවේ දේශපාලන පසුබිමක් සහිත පවුලක පැවත එන්නියක් බවත්, සීතායි ශ්‍රී නාච්චියාර් නැමති ඇය වෘත්තීයෙන් වෛද්‍යවරියකි.

ජීවන් තොන්ඩමන් මහතාගේ විවාහ උත්සවයට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සහ එම ආර්යාව, හිටපු මැති ඇමතිවරු රැසක් සහ ඉන්දියාවේ මැති ඇමතිවරු රැසක් ජීව්න තොන්මන් මහතාගේ මව සහ පවුලේ සාමාජිකයන් රැසක් සහ මෙරට ලංකා කම්කරු කොංග්‍රසයේ ජේෂ්ඨ නායකයින් රැසක් සහභාගි වී සිටින බවයි ලංකා කම්කරු කොංග්‍රසයේ මාධ්‍ය ඒකකය කියා සිටින්නේ.

ඉන්දියාවේ විවාහ මංගල උත්සවය පැවැත්වීමෙන් අනතුරුව ජීවන් තොන්ඩමන් මහතා මෙරටට පැමිණිමෙන් අනතුරුව කොළඹදී සහ කොටගල ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයෙදි හිතවතුන් සහ පාක්ෂිකයන් වෙනුවෙන් විවාහ ප්‍රිය සම්භාශනයක්ද පැවැත්වීමට කටයුතු කර ඇත.

image 0450094487 Iri News
image 76e55f9ba2 Iri News
image 568adfce3f Iri News
image a8a7711ba4 Iri News
image b9f9d66153 Iri News
image 688c898749 Iri News
image 9c04b9f7fa Iri News
image b6a87e65e6 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *