පසුගිය නොවැම්බර් 21 වැනිදා ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් බවට පත් කරමින්, ආණ්ඩුවේ බලාපොරොත්තු සුන් කරමින්, නුගේගොඩ ‘මහා හිස් ගොඩක්’ බවට පත් කිරීමට විපක්ෂයට හැකිවූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පවසනවා.
‘ලවුඩ්ස්පීකර්’ ගලවා දමා, විදුලිය විසන්ධි කර, ‘මඩ’ ගසමින්, ජනතාවගේ ආණ්ඩු විරෝධය මැඩ පැවැත්විය හැකි බවට ආණ්ඩුව සිතනවා නම්, ජනාධිපති අනුර කුමාර දිසානායකට වැරදී ඇති බවයි අද (24) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.