– මෙරට මත්ද්‍රව්‍ය උවදුර මැඩලීම සඳහා අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග ඒ මොහොතේම විනාශ කිරීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට අදාළ නව නීති කෙටුම්පතක් 2026 මාර්තු මාසය වන විට සම්පාදනය කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අධිකරණ අමාත්‍යාංශයට උපදෙස් දී තිබේ.
‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාවේ දෙවන සැසිය අද (25) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළ අතර, මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම සහ ඇබ්බැහි වූවන් පුනරුත්ථාපනය යන ද්විත්ව ක්‍රමවේදයන්හි වැදගත්කම අවධාරණය කළේය.