පිටාර ගැලූ දැදුරුඔයේ ජලකඳට මැදිව මහව අල්ල ප්‍රදේශයේ දෙමහල් ගොඩනැගිල්ලක වහලය මත සිරවි සිටි තිදෙනකු බේරාගත් බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව කියයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටරයක් මගින් එම පිරිස බේරාගෙන ඇත.
පවතින අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ දැදුරු ඔයේ ජලය පිටාර ගලා පහත් බිම් රැසක් ජලයෙන් යටවී ඇත.