ටොන් 80ක දැවැන්ත ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් යානයක් ලංකාවට

දිවයිනට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් අවතැන් වී සිටින ජනතාව වෙනුවෙන් ආධාර තොගයක් රැගත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් C-130 ගුවන් යානයක් අද (29) දින අලුයම 01.45ට පමණ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට ළඟා වී තිබේ. 

ඉන්දීයානු රජය විසින් පිරිනැමූ සනීපාරක්ශක ද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තොගයක් මෙලෙස රැගෙන ආ අතර, ඉන්දියානු රජය මගින් ලබා දුන් මෙම ආධාර භාර දීමේ අවස්ථාවට ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයේ Mr. Maitrey Kulkarni, Counsellor (Development Cooperation) Lt. Col. Mandeep Singh Negi (Assistant Defence Adviser) ඇතුළු ඉන්දිය ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් සහභාගි විය.

මෙම ආධාර භාර ගැනීම සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා ඇතුළු ගුවන් හමුදා නිලධාරීන් පිරිසක් එක්ව තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *