ඇමරිකාව විසින් ශ්‍රි ලංකාවට ඩොලර් මිලියන 02ක ක්ෂණිණ ආධාර පැකේජයක් නිවේදනය කරයි

දිත්වා’ සුළි කුණාටුව හේතුවෙන් ශ්‍රී ලංකාව පුරා ඇතිවී තිබෙන දැඩි ගංවතුර සහ අධික වර්ෂාවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය විසින් ක්ෂණික ආධාර වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2ක් ලබා දීමට නිවේදනය කර ඇත.

ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ජූලි චුන්ග් (Julie Chung) මහත්මිය මේ බව සඳහන් කර ඇති අතර, මෙම දුෂ්කර දිනවලදී ඇමරිකා එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත්, ආපදාවට පත් පවුල්වලට දිගටම සහයෝගය ලබා දෙන බවත් ඇය ප්‍රකාශ කළාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *