ලංකාව⁣ට වාර්ෂිකව ලැබෙන වර්ෂාපතනයෙන් 10%ක් පැය 24කදී ලැබිලා – මහාචාර්ය ලක්ෂ්මන් ගලගෙදර

මහාචාර්ය ලක්ෂ්මන් ගලගෙදර කැල්කියුලේශන් එකක් කරලා තියෙනවා ඩිට්වා සුළි කුණාටුවෙන් ලංකාවට ලැබුනු වර්ෂාපතනය ගැන. ඒකට අනුව අපිට වාර්ශිකව රටක් විදිහට ලැබෙන වර්ෂාපතනයෙන් 10% ක පමණ ප්‍රමාණයක් පැය 24 ක් ඇතුලත ලැබිලා තියෙනවා.

රටේ වර්ග ප්‍රමාණය අනුව සාමාන්‍ය අගයක් අරන් ගානක් ඇවිත් තියෙනවා පිට කරන ජල ධාරිතාව තත්පරයට ඝන මීටර් 150,463 බව. නොවැම්බර් 23 වෙනිදා ඉඳන් වහින නිසා ඒ වෙද්දි පස සන්තෘප්ත වෙලා තිබිම නිසා 28 වෙනිදා පැය 24 ක් ඇතුලත වැටුන ජල පරිමාවම පසට උරාගන්නවා වෙනුවට පස මතුපිටින් ගලා යන ජලයක් බවට පත්වෙනවා.

මේක සන්සන්දනය කරනවා ලෝකයේ වැඩිම ජල පරිමාවක් නිකුත් කරන ඇමසෝන් නදියත් එක්ක. ඇමසෝන් ගඟ ඒකේ ධාරිතාව උපරිම සමයේදි පිටකරන ජල ප්‍රමාණයේ සාමාන්‍ය අගය තත්‍පරයට ඝන මීටර් 222,000. මේ ජල ධාරිතාව ලැබෙන්නෙ ඇමසෝන් ජල පෝෂක ප්‍රදේශය වර්ග කිලෝමීටර මිලියන 7 ක් පුරා දිවෙන නිසා. නමුත් ලංකාවේ බිම් ප්‍රමාණය වර්ග කිලෝමීටර 65000 යි.

image Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *