රටෙන් තුනෙන් එකක් විනාශ කර ඇති දැවැන්ත ආපදා තත්ත්වය හමුවේ නැවත රට ගොඩනැඟීම සඳහා ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 31 ක් අවශ්‍ය බව විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.
මෙය නිකුත් කර ඇත්තේ පසුගිය 28 දාය. ව්‍යසනයෙන් පසු විදේශ අමාත්‍යාංශය ජාත්‍යන්තර ආධාර ඉල්ලා තිබිණි.
අධික වර්ෂාවෙන් විනාශ වූ කුඹුරු සහ එළවළු බෝග ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය රුපියල් බිලියන 15 ක් ඉල්ලා තිබේ. වගා කරන ලද කුඹුරු හෙක්ටයාර 510,000 ක් පමණ ගංවතුරෙන් ගසාගෙන ගොස් ඇත. මෙම ඉඩම් නැවත වගා කිරීම සඳහා රජය ජාත්‍යන්තර පරිත්‍යාගශීලීන්ගෙන් පොහොර ඉල්ලා තිබේ.
මූලාශ්‍රය – දිවයින