එළැඹෙන සිකුරාදා දිනයේ දී අයවැය තෙවනවර කියැවීම සම්මත කර ගැනීමට නියමිත ය.
කෙසේ වෙතත්, මේ ඉදිරිපත් කර තිබෙන අයවැය රට මුහුණ දී තිබෙන වත්මන් තත්ත්වයට කිසිසේත්ම නොගැලපෙන බව පවසන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ඉදිරිපත් කර තිබෙන අයවැය යෝජනා ඉවත් කොට, නැවත අළුතින් අයවැයක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියි.
එමෙන්ම, මෙකී ආපදා තත්ත්වය තුළ අයිඑම්එෆ් ගිවිසුම පිළිබදවද යළි සලකා බැලිය යුතු බව විපක්ෂනායකවරයා අවධාරණය කරයි.