අරාබියේ හතර වැනි ආධාර යානයත් එයි

ආපදාවෙන් විපතට පත් මෙරට ජනතාවට අඛණ්ඩ සහාය පළ කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මානුෂීය සහනාධාර රැගත් සිව්වන ගුවන් යානය අද (03) පස්වරුවේ  මෙරටට ළගා විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් හමුදාවට අයත් C-17A යනායකින් මෙරටට රැගෙන ආ එම සහනාධාර ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් ශෂින්ද්‍ර විජේසිරිවර්ධන මහතා විසින් නිල වශයෙන් බාර ගනු ලැබීය.

විපතට පත් ප්‍රදේශවල අඛණ්ඩ සෙවීම්, ගලවා ගැනීමේ සහ ප්‍රතිසාධන මෙහෙයුම් ශක්තිමත් කිරීම අරමුණු කරගත් ආහාර, සහන මළු, ගලවා ගැනීමේ රථ මෙම ආධාර තොගයට ඇතුළත් වේ.
මෙම අසීරු අවස්ථාවේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කඩිනම් සහාය ශ්‍රී ලංකාව කෘතවේදීව අගය කරයි.

image 811425d64e Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *