ඔස්ට්‍රේලියාවෙන් මෙරටට ඩො. මි. 2.5ක අමතර ආධාරයක්

සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවට ආධාර කිරීම සඳහා ඔස්ට්‍රේලියාව අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක අමතර මුදලක් ලබා දීමට පොරොන්දු වී තිබෙනවා.

ඒ අනුව, ශ්‍රී ලංකාවට ලබා දෙන සමස්ත ආධාර මුදල අමෙරිකානු ඩොලර් මිලියන 3.5ක් දක්වා ඉහළ යනු ඇති.

එමෙන්ම පීඩාවට පත් අනෙකුත් රටවලටද ආධාර වැඩි කරන බවයි එරට විදේශ අමාත්‍යවරයා පවසන්නේ.