සමගි ජන බලවේගයේ (SJB) වැලිගම සංවිධායකවරයා මෙන්ම වැලිගම නගරාධිපති ලෙස කටයුතු කළ රෙහාන් ජයවික්‍රම මහතා පක්ෂයේ වත්මන් ගමන් මග සහ තම පෞද්ගලික අදහස් අතර පවතින නොගැලපීම් හේතුවෙන් සමගි ජන බලවේගයෙන් ඉල්ලා අස්වී තිබේ.
2025 දෙසැම්බර් මස 06 වැනි දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත යොමු කරන ලද ලිපියක් මගින් ජයවික්‍රම මහතා සිය තීරණය ප්‍රකාශ කර ඇත.