ඉන්දියාවෙන් එක දිගට ආධාර ලැබෙයි – 09වන ගුවන් යානයත් කටුනායකට ගොඩ බස්වයි

ඉන්දියාව විසින් නම් කර ඇති “සාගර බන්ධු” මෙහෙයුම යටතේ ශ්‍රී ලංකාව වෙත ලබා දෙන ආපදා ආධාර රැගත් 09 වන ඉන්දීය ගුවන් යානයත් අද (06) පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.

මෙම ගුවන් යානය තුළ අඩි 110ක් දිගැති, මෙට්‍රික් ටොන් 65ක් බරැති බේලි පාළමක්, ජේ.සී.බී.බැකෝ යන්ත්‍රයක් ද ඒ අතර වේ.

එමෙන්ම ඉන්දීය යුධ හමුදාවේ ඉංජිනේරු බළකායේ ඉංජිනේරුවරුන් 13දෙනෙකු ද සහාය දැක්වීම සඳහා මෙහි පැමිණ සිටී.

මෙම භාණ්ඩ තොගය භාර ගැනීම සඳහා ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බළකායේ නිලධාරීන් පිරිසක් සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *