අයර්ලන්තයේ වාසය කරන ශ්‍රී ලාංකිකයකු වන දිමුත් ජයසිංහ ආරච්චි මහතා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් නියෝජනය කරමින් ශ්‍රී ලංකාවේ ආපදාවට පත් වූ ජනතාව වෙනුවෙන් අයර්ලන්ත අග්‍රාමාත්‍යවරයා ප්රමුඛ අමාත්‍ය මණ්ඩලයෙන් කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙස යුරෝ ලක්ෂ 5ක මූල්‍යාධාරයක් ( රුපියල් කෝටි 18 ක් පමණ ) ලබාදීමට තීරණය වී තිබෙනවා.
විද්‍යුත් තැපෑල ඔස්සේ මෙම දැනුවත් කිරීම් අඛණ්ඩව සිදුකිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි අයර්ලන්ත රජය මෙම තීරණයට එළැඹ ඇත්තේ.
