ශ්‍රී ලංකාවේ පශ්චාත් ආපදා තත්ත්වය කළමනාකරණය කිරීමේ සහන කටයුතු සඳහා භාණ්ඩ හා අත්‍යවශ්‍ය සේවා සපයන්නන් ප්‍රවාහනය කිරීම සඳහා ඉන්දු-පැසිෆික් විධානය විසින් යොදවා ඇති අමෙරිකානු ගුවන් හමුදාවට අයත් C-130 හර්කියුලීස් වර්ගයේ ගුවන් යානා දෙකක් අද (07) දින පස්වරුවේ කටුනායක ගුවන් හමුදා කඳවුර වෙත පැමිණියා.
මෙම යානා දෙක තායිලන්තයේ පිහිටි අමෙරිකානු ගුවන් හමුදා කඳවුරේ සිට පැමිණ ඇති අතර, අමෙරිකානු ගලවා ගැනීමේ මැරීන් භටයින් 60 දෙනෙකු ද ඊට ඇතුළත්.
මෙම ගුවන් යානා මගින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ සිට අනුරාධපුරය, යාපනය ඇතුළු ගුවන් තොටුපොළ වෙතට භාණ්ඩ හා සේවක ප්‍රවාහන පහසුකම් සැලසීමට නියමිතයි.