ශ්‍රි ලංකාව ඉල්ලුම් කළ ඩොලර් මිලියන 200ක ඉල්ලීමට පුමුඛත්වය දීමට IMF තීරණය කරයි

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ විනාශයෙන් පසු ඇති වූ අභියෝගවලට මුහුණ දීම සඳහා හදිසි මූල්‍යයන පහසුකම (RFI)යටතේ ශ්‍රී ලංකාව විසින් සිදුකළ අමෙරිකානු ඩොලර් මිලියන 200ක ඉල්ලීමට ප්‍රමුඛත්වය ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) තීරණය කර තිබේ.

මෙම හදිසි මූල්‍යයන පහසුකම (RFI)යටතේ ඇති සහාය ශ්‍රී ලංකාවේ විස්තීර්ණ (EFF) අරමුදල් පහසුකම යටතේ ලබාදෙන ණය පහසුකමට අමතරව ලබා දෙන මූල්‍ය පහසුකමක් බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කර ඇත.

එමෙන්ම, විස්තීරණ අරමුදල් පහසුකම (EFF) යටතේ  මෙරටට හිමි වීමට නියමිත පස්වන සමාලෝචනය සම්පූර්ණ කිරීම සඳහා සාකච්ඡා නැවත ආරම්භ කිරීම සඳහා 2026 වසරේ මුල් භාගයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද සඳහන් වේ.

දිට්වා සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් රට යථා තත්ත්වයට පත් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 200 ක පමණ කඩිනම් මූල්‍ය ආධාර සඳහා හදිසි ඉල්ලීමක් සිදුකර තිබු බවත් ඒ සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකරමින් සිටින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානී එවන් පැපර්ජෝජියෝ මහතා පසුගිය සිකුරාදා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *