රට යථා තත්ත්වයට පත් කිරීම සහ ප්‍රතිසංස්කරණ කටයුතු සදහා ඩොලර් මිලියන 4.5 ක මුදලක් ලබා දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය පියවර ගෙන තිබේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නේවාසික නිත්‍ය නියෝජිත මාර්ක් ඇන්ඩෲ අද දිනයේ දී විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා හමු වී මේ බව දැනුම් දී තිබේ.
එමෙන්ම, ලංකාව නැවත ගොඩ නැගීමේ වැඩසටහනට දායකවන ජාත්‍යන්තර හවුල් කරුවන්ට පහසුකම් සැලසීම සදහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක් සහ ජිනීවා කාර්යාල සමඟ සම්බන්ධතා පවත්වන බවද ඔහු වැඩි දුරටත් පවසා තිබේ.