ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සංතෝෂ් ජා මහතා සහ අමාත්‍ය නලින්ද ජයතිස්ස අතර හමුවක් ඊයේ (08) සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදු වුණා.
මේ සඳහා මෙරට සිටින ඉන්දීය ව්‍යාපාරික ආයතන කීපයක ප්‍රධානීන්ද එකව සිටියා.
මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වයෙන් පසු පශ්චාත් ආපදා තත්ත්වයට මුහුණ දෙන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය උදෙසා සෞඛ්‍ය පද්ධතිය ශක්තිමක් කිරීමත්, හදිසි ආපදාවට පත් පළාත්වල රෝහල් පද්ධතියේ වර්තමාන ක්‍රියාකාරීත්වය සහ එම රෝහල්වලින් මේ වන විට ලබාදෙන ප්‍රතිකාර සේවාවන් පිළිබඳවත් මෙහිදී සාකච්ඡා වී තිබෙනවා.
ඒ අනුව “Rebuilding Sri Lanka” අරමුදලට රුපියල් මිලියන 62ක මූල්‍ය පරිත්‍යාග සිදු කිරීම මෙහිදී සිදුවුණා.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් පළමු ලේකම්වරුන් ලෙස Devika Lal සහ Navya Singla, Lanka IOC PLC ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ දීපක් දාස්, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන අවිනාශ් සිංහාල්, ජිතේන්ද්‍ර ෂර්මා යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා.