ආපදාවෙන් පීඩාවෙන් පත් ලංකාවට යුරෝ මිලියන 1.8 ක මුදල් පරිත්‍යාගයක් සිදු කිරීම යුරෝපා සංගමය තීරණය කර තිබේ.
මෙම මූල්‍ය ආධාරයට අමතරව, යුරෝපා සංගමය, ද්‍රව්‍යමය ආධාර තොගයක්ද ලබා දීමට නියමිත ය.
ඊටත් අමතරව, ඉතාලිය, ඉන්ජිනේරු විශේෂඥයන් කණ්ඩායමක් දිවයිනට පිටත්කර එවන බව සදහන් වේ.
ව්‍යසනයේ තරම තක්සේරු කිරීම සදහා පළාත් පාලන ආයතන මට්ටමින් චන්ද්‍රිකා සිතියම් සැපයීමට ද යුරෝපා සංගමය එකඟ වී ඇති බව වාර්තා වේ