දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට දෛනිකව ආධාර ලැබෙමින් පවතින අතර Yaden Laboratories පුද්ගලික සමාගම වෙතින් රුපියල් මිලියන 20ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදු කර තිබේ.
ඊට අදාළ චෙක්පත Yaden Laboratories පුද්ගලික සමාගමේ කළමනාකාර අධ්යක්ෂ ශෂීමාල් දිසානායක මහතා විසින් අද (09) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත භාර දෙන ලදී.
එහි කළමනාකාර අධ්‍යක්ෂකවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.