ආපදාවෙන් මරණයට පත් වූ අයගේ මරණ පරීක්ෂණ දීමනාව ලබා නොගැනීමට මරණ පරීක්ෂවරුන් තීරණය කරයි

ආපදාව හේතුවෙන් මරණයට පත් වූවන්ගේ මරණ පරීක්ෂණ කටයුතු සඳහා රජය ලබාදෙන දීමනාව ලබා නොගැනීමට හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය තීරණය කර ඇත.

මේ සඳහා සංගමයේ බහුතර සාමාජිකයන්ගේ එකඟතාවය ලැබුණු බව එහි සභාපති අනුර හේරත් මහතා පැවසීය.

ආපදාවෙන් මරණයට පත් වූ අයගේ මරණ පරීක්ෂණ පැවැත්වීමට කැපවූ හදිසි මරණ පරීක්ෂකවරුන්ට ස්තූතිය පළ කරන බවද  ඔහු කීවේය.

ඒ අතර මේ අවස්ථාවේදී මරණ පරීක්ෂකවරුන් මුහුණ දෙන ගැටලු විසඳා ගැනීමට අධිකරණ අමාත්‍ය නීතිඥ  හර්ෂණ නානායක්කාර මහතා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයට  උපදෙස් දී ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *