ජංගම විදුලි බලාගාරයක් ඇතුළු ආධාර රැගත් රුසියානු ගුවන් යානයක් කටුනායකට

මෙරට ඇති වූ ආපදා තත්වයට ආධාර වශයෙන් රුසියානු සමූහාණ්ඩුව මෙට්‍රික් ටොන් 35 ක් බරැති ආධාර තොගයක්, එරට විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් මගින් අද (10) දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

ජංගම විදුලි බලාගාරයක් ( Mobile Power Station ) , එළවළු තෙල් , සීනි , සහල් සහ කූඩාරම් තොගයක් මෙලෙස රුසියාවෙන් ආධාර ලෙස ලැබී තිබෙනවා.

මෙම ආධාර තොගය රැගත් ඉලුෂියන් අයි.එල්.- 76 භාණ්ඩ ප්‍රවාහන රුසියානු ගුවන් යානය අද පස්වරු 01.10 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි ගුවන්තොටුපළ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසනවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ලෙවාන් ජගාරෙයාන් ( Levan Dzhagaryan ) , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය අනුර කරුණාතිලක , ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර , සීමා සහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති එයාර් වයිස් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම ඇතුළු විශාල පිරිසක් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *