රට ගොඩනගන අරමුදලට ශ්‍රි දළදා මාලිගාව ලක්ෂ 500ක් පරිත්‍යාග කරයි

ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල නායක ස්වාමීන් වහන්සේ, ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ඓතිහාසික බදුලු මුතියංගණ රාජමහා විහාරයේ භාරකාර ආචාර්ය පූජ්‍ය මුරුද්දෙණියේ ශ්‍රී ධම්මරතන නායක හිමිපාණන් වහන්සේ සහ ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා සමඟ හමුවකට අද (11) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී එක්වීමි.

ව්‍යසනයෙන් පසු ජන ජීවිතය සහ රට යළි ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී මල්වතු, අස්ගිරි නියෝජ්‍ය ලේඛකාධිකාරි හිමිවරුන්ගේ ඇගයීමට ලක් වූ අතර මහනුවර දිස්ත්‍රික්කයේ පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ සහ යළි පදිංචි කිරීමේ කටයුතු පිළිබඳවත්, එම කටයුතුවලදී දළදා මාළිගාවෙන් ලබා දිය හැකි දායකත්වය පිළිබඳවත් සාකච්ඡා කෙරිණි.

මෙහිදී ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවෙන් ‘Rebuilding Sri Lanka’ අරමුදල වෙත මිලියන 50​ක මූල්‍ය පරිත්‍යාගයක්ද සිදු කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *