මහවැලි ගගේ අතිරික්ත ජලය උතුරට සහ වයඹට ගෙන යාම අරමුණ කරගත් ව්‍යාපෘතියක් වෙනුවෙන් ඩොලර් මිලියන දෙසීයක ණය මුදලක් අනුමත කිරීමට ආසියානු සංවර්ධන බැංකුව පියවර ගෙන තිබේ.
මෙම ව්‍යාපෘතියෙන් උතුරු මැද පළාතේ ගොවි පවුල් 35,600 කට වඩා වැඩි පිරිසකට සෘජුවම ප්‍රතිලාභ ලැබෙනු ඇත.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතාවය තහවුරු කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.