දේශිය බිත්තර මිල තවත් රුපියල් 03කින් ඉහළ දමයි

වැට් බද්ද වැඩි කිරීම හේතුවෙන් දේශීය බිත්තර නිෂ්පාදන වියදම රුපියල් 8.00 කින් ඉහළ යාම නිසා දේශීය බිත්තරයක මිල රුපියල් 3.00 කින් වැඩි කිරීමට සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය තීරණය කර තිබේ.

වැට් වැඩි කිරීම නිසා ආනයනය කරන ඉන්දීය බිත්තරයක මිල රජය රුපියල් 8.00 කින් ඉහළ දැමුවද දේශීය බිත්තරයක මිල වැඩි කෙළේ රුපියල් 3.00 කින් පමණක් බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති සරත් රත්නායක මහතා පැවසීය.

ඒ අනුව කුකුළු ගොවිපළෙන් රුපියල් 45 ට අලෙවි කළ දේශීය බිත්තරයක තොග මිල 48 ක් බවද ඔහු කීහ.ඉකුත් 21දා පස්වරුවේ සංගමයේ අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වී ගනු ලැබූ මෙම මිල වැඩි වීම එදින සිට ක්‍රියාත්මක කෙරෙන බවත් සභාපති සරත් මහතා පැවසීය. මේ අනුව සිල්ලර වෙළෙදුන් දේශීය බිත්තරයක් රුපියල් 54,55 අලෙවි කරන බවද ඔහු කීහ.්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *