දෙසැම්බර් හා ජනවාරි මාසවල දී සුළි සුළං ඇති වීමේ අවදානමක් ගැන කාලගුණය දැනුම් දෙයි

ඊසාන දිග මෝසම සක්‍රිය වීමත් සමග දෙසැම්බර් හා ජනවාරි මාසවල දී අඩු පීඩන ප්‍රදේශ, තරංග ආකාරයේ කැලඹීම්, අවපාත හෝ සුළි සුළං ඇති වීමේ අවදානමක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දුන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

ඒ අනුව පසුගිය වසර 30 තුළ ඊසාන දිග මෝසම ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳ දත්ත පරිශීලනය කර ඉදිරිපත් කළ වාර්තාවක් මඟින් මෙම තොරතුරු අනාවරණ කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) සම්පත් කොටුවේගොඩ අද (12) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *