චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යේෂ්ඨ නිළධාරියෙකු දෙදින නිල සංචාරයක් සඳහා දෙසැම්බර් විසි තුන් වන දා ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ෂාඕ ලෙජී නමැති මෙම නිළධාරියා, චීන රජයේ තුන්වන ඉහළම නිළධාරියා බව පැවසේ.
සිය සංචාරය අතර තුර, චීන රාජ්‍ය තාන්තික නිළධාරියා, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් යන මහත්වරු මුණ ගැසීමට නියමිතය.
එහිදී ආපදාවෙන් පීඩාවට පත්ව සිටින ලංකාවට උදව් කළ හැකි ආකාරය පිළිබදව සාකච්ඡා කෙරෙනු ඇතැයි අපේක්ෂා කරයි.