ගිනි අවි සමග බියගම ප්‍රාදේශිය සභාවේ පොහොට්ටු මන්ත්‍රීවරයෙක් සහ හිටපු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට ගනියි

පුද්ගලයෙකුට පහරදිිම, මරණ තර්ජන කිරීම හා ගිනි අවියක් ළඟ තබා ගැනීම හේතුවෙන් බියගම ප්‍රාදේශීය සභාවේ වත්මන් මන්ත්‍රීවරයෙකු හා හිටපු මන්ත්‍රීවරයෙකු බියගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ බියගම ප්‍රාදේශිය සභා වත්මන් මන්ත්‍රීවරයෙක් වන මද්දුම ලියනගේ සුභාෂන ප්‍රභාත් (ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ) හා බියගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් වන පාලටුව විතාරනගේ සුජිත් හර්ෂණ (ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ) යන අයයි.

අත්අඩංගුවට ගත් පාලටුව විතාරනගේ සුජිත් හර්ෂණ සන්තකයේ තිබී බලපත්‍ර අංක A 014690 අවි අංකය AK.L.X 565 දරණ GLOOK 19 GEN 5 වර්ගයේ 9×19 දරණ පිස්තොල අවි හා එම උණ්ඩ 09 ක් හා අංක CAW 5489 දරණ BMW කාර් රථයක්ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

ගිනි අවිය සමග ඊයේ (13) රත්‍රියෙදී සපුගස්කන්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයින් දෙදෙනා මේ වන විටත් සපුගස්කන්ද පොලිසියේ රඳවා තිබෙනවා. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *