බදුල්ලේ වාරි පද්ධතිය ගොඩනැගීමට සංඝරත්නය එක් වෙයි

අයහපත් කාලගුණය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ විනාශ වූ වාරි පද්ධතිය පිළිසකර කිරීමේ ”දිට්වා පරදන ධෛර්යයේ මහා වාරි මෙහෙයුම අධිෂ්ඨානයෙ මහිම” වැඩසටහනට (13) වෙනිදා ජාතික භික්ෂු පෙරමුණේ භික්ෂූන් වහන්සේලා එක්වූහ.

කන්දකැටිය,වැල්ලවලතැන්න බදුලු ඔය වාරි ව්‍යාපෘති පිළිසකර කිරීම සඳහා හම්බන්තොට,මාතර,රත්නපුර හා බදුල්ල දිස්ත්‍රික්ක වල හාමුදුරුවන් වහන්සේලා එක් වූ අතර ඊට සිවිල් ආරක්ෂක දෙපාර්තුමේන්තුව සහ ගොවි සංවිධාන නියෝජිතයෝද සහභාගී වූහ.

භික්ෂූන් වහන්සේලා සඳහා ප්‍රදේශවාසීන් විසින් දානය වැඩ බිමට ගෙනවිත් පිරිනමන ලදි. මෙම අවස්ථාවට වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් ඇමති සමන්ත විද්‍යාරත්න මහතාද සහභාගී විය.

මොණරාගල සුමනසිරි ගුණතිලක

image fb6c534fbd Iri News
image 0b6d223fc2 Iri News
image 22a49f01b1 Iri News
image 9e6a0a8400 Iri News
image cfc94397be Iri News
image 09ea276ade Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *