2025 වසරේ මුල් මාස දහය සදහා නිකුත් කර තිබෙන දත්ත අනුව, ශ්‍රී ලංකාවේ මූල්‍ය කාර්ය සාධනය අඛණ්ඩව ශක්තිමත් වන බව පෙනී යයි.
මේ වසරේ මුල් මාස දහයට අදාලව අයවැය පරතරය, පසුගිය වසර හා සැසදීමේ දී 60% කින් අඩු වී තිබේ.
එමෙන්ම ප්‍රාථමික ශේෂය රුපියල් ට්රිලියන 1.6 ඉක්මවා ගොස් තිබේ.
ප්‍රාථමික ශේෂය යනු රජයේ ආදායම් සහ ණය පොලී ගෙවීම් හැර අනෙකුත් වියදම් අතර පරතරයයි.
මහබැංකු සංඛ්‍යා දත්තවලට අනුව, මේ වසරේ මුල් මාස දහය සදහා අයවැය හිගය රුපියල් බිලියන 455.7 කි.
පසුගිය වසරේ මුල් මාස දහය සදහා අයවැය හිගය රුපියල් ට්රිලියන 1.06 කි.
2025 වසරේ මුල් මාස දහයේ බදු ආදායම පසුගිය වසර හා සැසදීමේ දී 34% කින් ද බදු නොවන ආදායම 19% කින් ද ඉහළ ගොස් තිබේ. ප්‍රධාන 24% කින් ඉහළ ගොස් තිබේ.