සිප්පු­කු­ලමේදී පන්දම්වලින් පුච්චපු අලියා ජීවිතක්ෂයට – සැකකරුවන් අල්ලන්න වන­ජී­වීය-පොලී­සිය විම­ර්ශන අර­ඹයි

මිහි­න්තලේ සිප්පු­කු­ලම ප්‍රදේ­ශයේ මේ දින­වල සැරි­සැරු වන­අ­ලි­යෙක් පන්ද­ම්ව­ලින් කිසි­යම් පිරි­සක් විසින් පුලුස්සා තුවාල කිරී­මෙන් පසු ගෙව­ත්තක තුවාල සහි­තව අසාධ්‍ය තත්ත්ව­යෙන් වැටී සිට ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී ඊයේ (16දා) අවා­ස­නා­වන්ත ලෙස ජීවි­ත­ක්ෂ­යට පත්වූ බව වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුව පව­සයි.

මේ සම්බ­න්ධ‍යෙන් වන­ජීවී නිල­ධා­රීන් සහ පොලී­සිය විම­ර්ශ­න­යක් ආරම්භ කර ඇත.

වන­අ­ලි­යාව පුලු­ස්සන වීඩි­යෝ­වක්ද විම­ර්ශන අංශ වෙත ලැබී තිබේ. එය කිසි­යම් අයෙක් විසින් ජංගම දුර­ක­ත­න­ය­කින් මහ රෑ වීඩි­යෝ­ගත කළ එකකි.

මෙම වන­අ­ලි­යාගේ ඉදිරි පාදයේ යම් තුවා­ල­යක් නිසා ගමන ද ඉතා­මත් මන්ද­ගාමී බව ප්‍රදේ­ශ­වා­සීන් පව­සයි.

එම වන­අ­ලියා ඉකුත් (15) දින රාත්‍රියේ මිහි­න්තලේ සීප්පු­කු­ලම ප්‍රදේ­ශයේ අඹ­ග­හ­වෙල හන්දි­යේදී පුලුස්සා ඇති බව සඳ­හන්ය. පිලි­ස්සුම් තුවාල ලැබූ එම වන­අ­ලියා ඊයේ (16) උදෑ­සන මිහි­න්තලේ සීප්පු­කු­ලම අඹ­ග­හ­වෙල ප්‍රදේ­ශයේ ගෙව­ත්තක ඉතා අසාධ්‍ය තත්ත්ව­යෙන් වැටී සිටින අයුරු දක්නට ලැබුණි. අනු­රා­ධ­පුර අඩවි වන නිල­ධාරී කාර්යා­ලයේ නිල­ධා­රීන් පැමිණ වන­අ­ලි­යාට අවශ්‍ය ප්‍රති­කාර කට­යුතු සිදු­ක­රනු ලැබීය. ඊයේ (16 දා) වන­ජීවී අංශ නිල­ධා­රීන් පශු වෛද්‍ය කණ්ඩා­යම් එක්ව වන අලි­යාගේ ජීවි­තය බේරා ගැනීම සඳහා දැඩි පරි­ශ්‍ර­ම­යක් දර­මින් සිටි අතර, ප්‍රති­කාර ලබ­මින් සිටි­යදී එම අලියා මෙලෙස ජීවි­ත­ක්ෂ­යට පත්විය.

අසාධ්‍ය තත්ත්වය තත්ත්වයේ ගිලන්ව සිටි මෙම වන අලි­යාගේ මර­ණ­යට නිශ්චිත හේතුව දැන ගැනීම සඳහා පශ්චාත් මරණ පරී­ක්ෂ­ණය සිදු කිරී­මට නිය­මි­තව තිබූ බවද වන­ජීවී දෙපා­ර්ත­මේ­න්තුවේ ප්‍රකා­ශ­ක­යෙකු මෙහිදී සඳ­හන් කළේය.

මෙම වන අලි­යාගේ ඇසක් අන්ධව සහ ශ්‍රව­ණා­බා­ධ­යෙන් ප්‍රදේ­ශයේ වගා­වන් විනාශ කර­මින් සැරි සැරූ බව එහිදී ප්‍රදේ­ශ­වා­සීහු පිරි­සක් පැව­සූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *