පියුම් හංසමාලීට එරෙහිව මහාධිකරණයේ අධි චෝදනා ගොනු කරන බව අධිකරණයට දැනුම් දෙයි

පියල් ලක්ෂ 2250කට අධික (රුපියල් මිලියන 225) බදු මුදල් රජයට ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කිරීමට තීරණය කර ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඊයේ (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

‘ලෝලියා ස්කින් කෙයා’ (Loliya Skin Care) පුද්ගලික සමාගමේ හිමිකාරිනිය ලෙස කටයුතු කරමින් ඉතා කෙටි කලක් තුළ විශාල ධනයක් උපයා ගත් බව කියන පියුමි හංසමාලි ගෝමස් නැමැති වගඋත්තරකාරියට එරෙහිව මෙම පියවර ගැනීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *