රට ගොඩනගන අරමුදලට මාලදිවයිනේ සන් සියම් සමූහය ලක්ෂ 375ක මුදලක් පරිත්‍යාග කරයි

ශ්‍රී ලංකා රජය ගෙනයන ආපදා සහන කටයුතු සඳහා සහාය ලබාදීමේ අරමුණින් රුපියල් ලක්ෂ 375ක (අමෙරිකානු ඩොලර් 125,000) මුදලක් පරිත්‍යාග කිරීමට මාලදිවයිනේ සන් සියම් සමූහය පියවර ගෙන තිබේ. ඒ අනුව සමාගමේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය අහමඩ් සියාම් මොහොමඩ් මහතා විසින් අදාළ මුදල් චෙක්පත මාලදිවයිනේ ශ්‍රී ලංකා මහකොමසාරිස් රිස්වි හසන් මහතා වෙත නිල වශයෙන් භාරදී තිබෙන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම සමාගමේ දී පැවැති උත්සවයක දී මේ මූල්‍ය ප්‍රදානය සිදුව තිබෙන අතර මීට පෙරද, ශ්‍රී ලංකාවේ සහන කටයුතුවලට සහාය වීම වෙනුවෙන් සන් සියම් සමූහය විසින් විනාශකාරී සුළි කුණාටුවෙන් පැය කිහිපයක් ඇතුළත අමෙරිකානු ඩොලර් 75,000ක් පරිත්‍යාග කර තිබේ.

ඒ අනුව අමෙරිකානු ඩොලර් 200,000ක මුළු දායකත්වය පොරොන්දු වූ පරිදි පිරිනමන ලද අතර, එමඟින් ශ්‍රී ලංකාවේ සහන කටයුතු සඳහා ඉහළම තනි ව්‍යාපාරික ප්‍රබල දායකයා බවට පත්ව ඇත.

මෙහිදී ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයා සිය අවංක කෘතඥතාව පළකර තිබෙන අතර සියාම් මහතාට ඔහුගේ ත්‍යාගශීලී දායකත්වය වෙනුවෙන් කෘතඥතාව පළකර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *