රට ගොඩනගන අරමුදලට ජපානයේ Asunaro Aoki සමාගම යෙන් මිලියනයක් පරිත්‍යාග කරයි

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ජපානයේ Asunaro Aoki Construction Co Ltd වෙතින් ජපන් යෙන් මිලියනයක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබේ.
ඊට අදාළ චෙක්පත Asunaro Aoki Construction Co Ltdහි සාමාන්‍යාධිකාරි
Seiji Sakuraike මහතා විසින් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු මහතා වෙත පිරිනමනු ලැබීය.

Asunaro Aoki Construction Co Ltdහි අධ්‍යක්ෂ/විධායක නිලධාරි Shinsuke Murakami සහ මොරටුව විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සුජීව ලෙවන්ගම යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *