මේ රජය ගෙදර යවන්න ජනවාරියේ සිට ඒ සදහා අපි වැඩ කළ යුතුයි – රනිල් අවධාරණය කරයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එම පක්ෂයේ තරුණ පෙළ නායකයන් අතර හමුවක්, පසුගිය සතියේ දී කොළඹ සුපිරි අවන්හලක සිදුව ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අනාවරණය කරයි.

මෙම හමුවේදී සජබය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීම පිළිබදව සාකච්ඡා කෙරී තිබේ.

එහිදී, එජාප තරුණ නියෝජිතයෙකු, පක්ෂ දෙක අතර එකමුතුවකට ඉඩ දී පක්ෂ නායකත්වයෙන් ඉවත් වීමට සූදානම් දැයි, හිටපු ජනාධිපතිවරයාගෙන් විමසා ඇති බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.

ඊට උත්තර දෙමින් හිටපු ජනාධිපතිවරයා පවසා ඇත්තේ, එවැනි එකමුතුවකට තමන් බාධාවක් නම්, පක්ෂ නායකත්වයෙන් ඉවත්වීමට තමන් සූදානම් බවයි.

එමෙන්ම, එජාපය සහ සමගි ජන බලවේගය එක් වීම දැනටමත් ප්‍රමාද බවද අවධාරණය කර තිබේ.

ජාතික ජන බලවේගය රජය වහා ගෙදර යැවිය යුතු බව රැස්ව සිටි පිරිසට පවසා තිබෙන හිටපු ජනාධිපතිවරයා, ජනවාරියේ සිට ඒ සදහා වැඩ කළ යුතු බවටද අවධාරණය කර තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *