ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ ලාභයෙන් රාජ්‍ය භාණ්ඩාගාරය සඳහා රුපියල් බිලියන හයක් ලබා දී ඇති බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.
මේ වසරේ අපේක්ෂිත ලාභය ඉපැයූ ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව , පසුගිය සැප්තැම්බරයේදී රුපියල් බිලියන 5ක් මහා භාණ්ඩාගාරයට ලබා දුන්නා.
ඉන් අනතුරුව අද (22) දින , තවත් රුපියල් බිලියනයක මුදලක් සංස්ථාව විසින් මහා භාණ්ඩාගාරයට ලබා දී තිබෙනවා.
ඒ අනුව මේ වසරේ දී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහා භාණ්ඩාගාරයට ලබාදුන් මුදල රුපියල් බිලියන හයක් බවයි ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව සඳහන් කරනවා.