තෙල් සංස්ථා සේවකයෝ රට ගොඩනගන අරමුදලට ලක්​ෂ 160ක් පරිත්‍යාග කරයි

ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ, ලංකා ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයින් මෙන්ම ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ විශ්‍රාමිකයින්ගේ සංගමයේ සමාජිකයින් එක්ව රුපියල් මිලියන 16ක මුදලක් Rebuilding Sri Lanka අරමුදලට පරිත්‍යාග කළහ.

ඒ සඳහා අදාළ චෙක්පත ශ්‍රී ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ජනක රාජකරුණා සහ කළමනාකාර අධ්‍යක්ෂක ආචාර්ය මයුර නෙත්තිකුමාර මහත්වරුන් අතින් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා වෙත ලබා දෙන ලදී.

ඉහත ආයතනවල සේවකයින් සිය මාසික වැටුපෙන් දිනක සිට දින 15 දක්වා වැටුප පරිත්‍යාග කරමින් මේ සඳහා දායකත්වය ලබා දුන් අතර එම සියලු සේවකයින්ටත් ඔවුන්ව මේ සඳහා දිරිමත් කළ අදාළ සියලුම වෘත්තීය සමිතිවලටත් අමාත්‍යවරයා ස්තුතිය පුද කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *