චීනයේ යුනාන් පළාතේ විදේශිකයෙකුට පිරිනම​න ඉහළම සම්මානය ලංකාවේ සුගත්ට

චීනයේ යුනාන් විශ්වවිද්‍යාලයේ විදේශ භාෂා පාසලේ ශ්‍රී ලංකා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය සුගත් රත්නායක මහතාට යුනාන් පළාත් රජය විදේශිකයෙකුට පිරිනමන ඉහළම සම්මානය පිරිනමා ඇත.

සිය වෘත්තීය සහ අධ්‍යන ජිවිතය තුළ  තමන් ලැබූ උසස් ම සම්මානය වන – යුනාන් මත්‍රත්ව සම්මානය (Yunnan Friendship Award) පසුගිය සතියේ ලබා ගත් බව සඳහන් කළේය.  තමන් ඇතුළු  විදේශ විශේෂඥයින් (Foreign Experts) දස දෙනෙකු 2023 වසරේදී මෙම සම්මානයට තෝරාගෙන තිබුණේ  විද්‍යා හා තාක්ෂණ, අධ්‍යාපන, සෞඛ්‍ය, ප්‍රවෘත්ති,ප්‍රකාශන, සංස්කෘතිය, කලාව සහ ක්‍රීඩා යන ක්ෂේත්‍රවල උසස් සංකල්ප, උසස් තාක්ෂණයන් සහ නවතම ජයග්‍රහණ හඳුන්වා දීම සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබා දුන් විදේශ විශේෂඥයින්ගේ සේවය ඇගයීම සදහා බවද හෙතෙම සඳහන්  කළේය

.”යුනාන් පළාත් රජය විදේශිකයෙකුට පිරිනමන ඉහළම සම්මානය මෙයයි. මෙම කීර්තිමත් සම්මානය සඳහා මම නිර්දේශ කළ  යුනාන් විශ්වවිද්‍යාලයට ගෞරව පූර්වක ස්තුතිය පිරිනමන අතර මෙය ගෞරවයක් මෙන්ම වගකීමක් ලෙස සලකනවා.

මෙවැනි සම්මානයකට නිර්දේශ වීම ලෙහෙසි පහසු කටයුත්තක් නොවේ. එය දීර්ඝ කාලීන කැපකිරීම්වල ප්‍රථිඵලයක්. ඒ කැප කිරීම් කොපමණදැයි රාජකාරිමය වශයෙන් අපේ විශ්වවිද්‍යාලයත් හොඳින් දන්නවා.  මේ පසුපස ඇති මේ සම්මානය සමඟ ඊළඟට කියවෙන්නේ ලංකාවේ නමයි. ඉතින් මගේ මව්බිමේ නම යම් තරමකින් හෝ ලෝකයට රැගෙන යාමට හැකි වීම පිළිබඳ නිහතමානි ආඩම්බරයක් තිබෙනවා. වැඩ කිරීමේදී සම්මාන හිතේ නොතිබුණත්, මෙවැනි රාජ්‍ය ගෞරවයකට පාත්‍රවීම තවත් දිරිගැන්වීමක් වනු නොඅනුමානයි. දිරිදුන් සැමට නැවත නැවතත් ස්තුතියි ” යනුවෙන්  පැවසීය.

ප්‍රින්ස් රත්නායක

image 59d93fd2af Iri News
image c5a745e7b3 Iri News

Leave a Reply

Your email address will not be published. Required fields are marked *