ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට සහනයක් වීමට රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් ව්‍යාපාරිකයින් එක්ව රුපියල් ලක්ෂ දහසක් රී බිල්ඩින් ශ්‍රී ලංකා (Rebuilding Sri lanka) අරමුදල සඳහා යොමුකර ඇත. අගමැතිනි හරිනි අමරසූරිය මෙනවිය වෙත එම මුදල් භාර දීම අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිදු කෙරුණි.
සමස්ත ලංකා මැණික් ව්‍යාපාරිකයින්ගේ සහ පතල් හිමියන්ගේ සංගමය වෙනුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් ව්‍යාපාරිකයින්ගෙන් පමණක් මෙම මූල්‍ය පරිත්‍යාගය ආපදාවෙන් විපතට පත්වූවන් නැවත ගොඩනැගීමේ අරමුදල වෙත පිරිනැමුණු බව සමස්ත ලංකා මැණික් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ප්‍රියන්ත වැලිවත්ත මහතා පැවසීය.
මෙවැනි ව්‍යසනයකදී රජය ගෙනියන වැඩපිළිවෙළට සහාය වෙමින් රත්නපුර මැණික් ව්‍යාපාරිකයෝ මෙම මුදල පරිත්‍යාග කළහ. අගමැතිනිය ඊට ස්තුතිය පළ කළාය. විපතට පත් ජනතාව වෙනුවෙන් නිවාස ව්‍යාපෘතියක් සඳහා මෙම මුදල් යොදවනු ඇතැයි බලාපොරොත්තු වෙන බව මැණික් ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසයි. ඒ සඳහා තවත් මුදල් ද සොයා රත්නපුර දිස්ත්‍රික්කයේ මැණික් ව්‍යාපාරිකයින්ගේ පරිත්‍යාගයක් ලෙස එම නිවාස ව්‍යාපෘතිය සිදු කිරීමට අදහස් කරන බවත් රජයට මුදල් ලබාදී එය සිදු කිරීම අරමුණ බවත් මැණික් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපතිවරයා පැවසීය.
මෙම මූල්‍ය පරිත්‍යාගය සිදු කිරීමේ අවස්ථාවට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ආචාර්ය එස්.පී. චමින්ද, රත්නපුර නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පොල, සමස්ත ලංකා මැණික් ව්‍යාපාරිකයින්ගේ සංගමයේ සභාපති ප්‍රියන්ත වැලිවත්ත, ප්‍රධාන ලේකම් ජනක අල්ගොඩ, භාණ්ඩාගාරික එම්. ඥානසේන, උප ලේකම් විමල් ජයතිලක, උප භාණ්ඩාගාරික දියමන්ත කුමාරසිරි යන මහත්වරු ද සහභාගි වූහ.