මත්තල ගුවන්තොටුපල පෞද්ගලික රාජ්‍ය හවුල්කාරීත්වය (පබ්ලික් ප්‍රයිවට් පාර්ට්නර්ෂිප්) යටතේ පෞද්ගලික සමාගමකට පැවරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බව වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අරුණ කරුණාතලික මහතා පවසයි.
මේ අනුව, දැනටමත් මත්තල ජාත්‍යන්තර ගුවන් සමාගම සමඟ කටයුතු පවත්වාගෙන යාමට පෞද්ගලික සමාගම් තුනක් කැමැත්ත ප්‍රකාශ කර තිබෙන බව ද වාර්තා වේ.
මත්තල ගුවන් තොටුපල 2013 වසරේ විවෘත කළ දා සිට මේ දක්වාර රුපියල් කෝටි හයදහස් හයසියයක පමණ පාඩුවක් ලබා ඇති බව පැවසේ.