සුළි කුණාටුවෙන් හානි­යට පත් මාර්ග 316න් 302ක්ම සාදා අව­සන් කරයි

අය­හ­පත් කාල­ගු­ණ­යෙන් හානි­යට පත් මාර්ග 316න් 302ක්ම මේ වන­විට ප්‍රති­සං­ස්ක­ර­ණය කර අව­සන් බව මාර්ග සංව­ර්ධන අධි­කා­රියේ අධ්‍යක්‍ෂ ජන­රාල් කේ.ඩබ්ලිව්. කණ්ඩම්බි මහතා පව­සයි.

පසු­ගි­යදා ඇතිවූ අය­හ­පත් කාල­ගුණ තත්ත්ව­යෙන් දිව­යිනේ ප්‍රදේශ රැසක ගංව­තුර සහ පස් කඳු නාය යාම හේතු­වෙන් හානි­යට පත් මාර්ග 302ක් මේ වන­විට ගම­නා­ග­ම­නය සඳහා විවෘත කර ඇති බව කී ඒ මහතා ඉතිරි මාර්ග 14 මේ වන­විට කඩි­න­මින් ප්‍රති­සං­ස්ක­ර­ණය කර­මින් පව­තින බවත් කියා සිටි­යේය.

හෙතෙම මේ අද­හස් ප්‍රකාශ කළේ ආප­දා­වෙන් යළි නැඟි­ටින ශ්‍රී ලංකා­වට, ප්‍රවා­හන, මහා­මාර්ග සහ නාග­රික සංව­ර්ධන අමා­ත්‍යාං­ශය යටතේ සිදු­ක­රනු ලබන යාව­ත්කා­ලීන තොර­තුරු සම්බ­න්ධ­යෙන් දැනු­ම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමු­වට එක්වෙ­මිනි. මෙම මාධ්‍ය සාක­ච්ඡාව ඊයේ (28) දින රජයේ ප්‍රවෘත්ති දෙපා­ර්ත­මේන්තු ශ්‍රව­ණා­ගා­ර­යේදී පැවැ­ත්විණි.

එහිදී වැඩි­දු­ර­ටත් අද­හස් දැක්වූ අධ්‍යක්‍ෂ ජන­රා­ල්ව­රයා

‘දැනට ප්‍රති­සං­ස්ක­ර­ණය කර­මින් පව­තින මාර්ග 14ට දැඩි හානි සිදුව තිබෙ­නවා. ඉන් මාර්ග 09ක් මධ්‍යම පළාත තුළත් මාර්ග 02ක් ඌව පළාත තුළත් උතුරු පළාතේ මාර්ග 02ක් සහ වයඹ පළාතේ එක් මාර්ග­යක් ලෙසත් පව­ති­නවා. මධ්‍යම පළාතේ ‘පේරා­දෙ­ණිය – රිකි­ල්ල­ග­ස්කඩ මාර්ගය’, ‘ගලහ – දෙල්පි­ටිය මාර්ගය’, ‘නාව­ල­පි­ටිය – දොලො­ස්බාගේ මාර්ගය’, ‘මාතලේ – ඉලු­ක්කු­ඹුර – ලග්ගල මාර්ගය’, ‘කල­ල්පි­ටිය – උකු­වෙල – ඇල්ක­ඩුව මාර්ගය’, ‘මොර­ග­හ­කන්ද – වැල්ලව මාර්ගය’, ‘ගොන්බො­රු­ඔය – බල­පො­කුණ මාර්ගය’, ‘කන්දෙ­හ­න්දිය – අදි­කා­ර­ම්ගොඩ – ලොග්ග­ල්ඔය මාර්ගය’, ‘රම්බොඩ – පුසු­ල්පි­ටිය මාර්ගය’ සංව­ර්ධ­නය කර­මින් පව­ති­නවා. මේ අත­රින් පේරා­දෙ­ණිය – රිකි­ල්ල­ග­ස්කඩ මාර්ගය දින 10ක් ඇතු­ළත ඉදි­කි­රීම් නිම කිරී­මට කට­යුතු කරන අතර, මාතලේ – ඉලු­ක්කු­ඹුර – ලග්ගල මාර්ගය සති තුන­කින් නිම කිරී­මට අපේක්‍ෂා කර­නවා. කල­ල්පි­ටිය – උකු­වෙල – ඇල්ක­ඩුව මාර්ග­යට දරුණු හානි සිදුව ඇති බැවින් ඊට නව මාර්ග කොට­සක් ඇතු­ළත් කිරී­මට සිදුව තිබෙ­නවා. ඒ සඳහා ඉඩම් අත්පත් කර­ගැ­නීම කළ­යුතු වෙනවා. එමෙන් ම මොර­ග­හ­කන්ද – වැල්ලව මාර්ග­යට පාල­මක් ස්ථාපිත කළ­යුතු වෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *