අමෙරිකා එක්සත් ජනපදයේ ‘U.S. News & World Report’ වාර්තාවට අනුව ශ්‍රී ලංකාව, ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන අතර පස්වන ස්ථානයට පත්ව වුණා.
ශ්‍රී ලංකාවේ පවතින වැසි වනාන්තර, වෙරළ තීරයන් සහ පුරාණ නටඹුන්, බොහෝ ජනප්‍රිය ආසියානු ගමනාන්තවල දක්නට ලැබෙන අධික සංචාරක තදබදය අවම වීම මෙහිදී විශේෂ ඇගයීමට ලක්ව තිබෙනවා.
මෙම ශ්‍රේණිගත කිරීමේ දී දත්ත විශ්ලේෂණයන් ඔස්සේ සිදු කර ඇති අතර ඒ සඳහා ප්‍රවේශ වීමේ පහසුව, දේශීය මිල ගණන්, ආකර්ෂණීය ස්ථාන, සංස්කෘතිය සහ සංචාරකයින්ගේ ප්‍රසාදය යන කරුණු කෙරෙහි අවදානය යොමු වනවා.
මෙම ලැයිස්තුවේ ඉහළින්ම සිටින්නේ ජපානයේ ෆුජි කන්ද වන අතර, පසුව පිලිපීනයේ පලවාන්, ටෝකියෝ සහ දකුණු කොරියාවේ සෝල් යන නගරයයි.
ඒ අනුව අමෙරිකා එක්සත් ජනපදයේ ‘U.S. News & World Report’ වාර්තාවට අනුව, 2026 සඳහා ආසියාවේ සංචාරය කිරීමට හොඳම ස්ථාන 20
1. ෆුජි කන්ද, ජපානය
2. ටෝකියෝ, ජපානය
3. පලවාන්, පිලිපීනය
4. සෝල්, දකුණු කොරියාව
5. ශ්‍රී ලංකාව
6. චියැං මායි, තායිලන්තය
7. භූතානය
8. හැනෝයි, වියට්නාමය
9. බාලි, ඉන්දුනීසියාව
10. ෆුකෙට්, තායිලන්තය
11. කියෝතෝ, ජපානය
12. සියම් රීප්
13. ඔසාකා, ජපානය
14. ක්වාලාලම්පූර්, මැලේසියාව
15. හොංකොං
16. මාලදිවයින
17. සිංගප්පූරුව
18. ජායිපූර්, ඉන්දියාව
19. ලැන්කාවි, මැලේසියාව
20. අග්‍රා, ඉන්දියාව