ලංකා ඉතිහාසයේ පළමුවරට හිටපු ජනාධිපතිවරයෙක් අපරාධ චෝදනාවකට සිරගෙට යවන්න සූදානම් වෙයි

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව සහ පොලිසිය අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වනවා.

රජයේ මුදල් අවභාවිත කරමින් සිය බිරිඳගේ උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබෙනවා.

හිටපු පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත්තේ වැලිගම ඩබ්ලිව්. 15 හෝටලයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියකට අදාළවයි.

මෙම නඩු කටයුතු දිනපතා විභාග කිරීම සඳහා ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කරන ලෙස අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් යෝජනාවී ඇති බව අද ජාතික පුවත්පතක් වාර්තා කරනවා.

හිටපු විධායක ජනාධිපතිවරයෙකුට එරෙහිව අපරාධ චෝදනා යටතේ නඩු පැවරෙන පළමු අවස්ථාව මෙය වීම සුවිශේෂී කරුණක් වන අතර ජනවාරි 28 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුවේ ඉදිරි ක්‍රියාමාර්ග දැනුම් දීමට නියමිතයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *