කොළඹ මහ නගර සභාවේ අයවැය ඡන්ද විමසීමේදී සිය පාර්ශවයේ සභිකයෙකු ඡන්දය දීමෙන් වැළකී සිටීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සිය දැඩි නොසතුට පළ කර ඇත.
අයවැය පරාජයට පත්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ, අදාළ සභිකයා ඊයේ (දින) සිටම සිය දුරකථනය ක්‍රියා විරහිත කරගෙන (Phone off) සිට ඇති බවත්, අද පැවති තීරණාත්මක ඡන්ද විමසීමට ඔහු පැමිණ නොමැති බවත්ය.