මත්පැන් බලපත්‍ර ගාස්තුව අද සිට 100%කින් ඉහළට

නව මත්පැන් බලපත්‍ර ගාස්තු අද සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කර තිබේ.

ඒ පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනයකට අනුවයි.

සුරාබදු දෙපාර්තමේන්තුව පැවසුවේ, ඇප බලපත්‍ර ගාස්තු 100%කින් වැඩිකර ඇති බවයි.

එම දෙපාර්තමේන්තුව සදහන් කළේ, බලපත්‍රලාභීන් සදහා ආරක්ෂිත ඇප තැන්පතුවක් පැවතීම අනිවාර්යය බවයි.

මත්පැන් කර්මාන්තය සදහා ප්‍රවේශවන නව ව්‍යාපාරිකයින් සදහා නව කර්මාන්ත ප්‍රවේශ ගාස්තුවක් සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *