නඩු කටයුතු අවසන් මත්ද්‍රව්‍ය තොගයක් වනාතවිල්ලුව දහන උඳුනට යවා විනාශ කරයි

මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය අනාවරණය කරගත් තොරතුරක් මත නාවික හමුදාවේද සහය ඇතිව 2021.09.07 වන දින මත අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දෙන ලද කිලෝග්‍රෑම් 170 ක පමණ දළ බර ප්‍රමාණයකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක නඩු කටයුතු අවසන් වූ බැවින් අධිකරණයෙන් ලැබූ නියෝග ප්‍රකාරව විනාශ කිරීම සඳහා එම තොගය 2026.01.02 වන අද දින උදෑසන වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුන වෙත ගෙන යන ලදී.

වැඩිදුර පරීක්ෂණ මගින් අනාවරණය වූ පරදි එම තොගයේ ශුද්ධ බර හෙරොයින් කිලෝග්‍රෑම් 106 ග්‍රෑම් 248 ක් හා අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90.5 ක් වන අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් 2026.01.02 වන අද දින උදෑසන 06.00 ට පමණ කොළඹ ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් මත්ද්‍රව්‍ය තොගය භාරගෙන පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුලුව විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රවාහනය සිදුකරන ලදී.

මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීමේ අවස්ථාව අධීක්ෂණය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිිලධාරීන්, රස පරීක්ෂක කාර්යාලය සහ අධිකරණ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *